ශිෂ්‍යත්වට මුහුණ දෙන හපනුන්ට ඔවදනක්

ඔක් 19, 2018

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ අරමුණ අඩු ආදායම්ලාභී පවුල්ව දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමත්, ඉහළ සාධන මට්ටමක් සහිත දරුවන්ට පහසුකම් සහිත පාසල් ලබා දීමත් සඳහා සිසුන් තෝරාගැනීමක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    මෙය සීමිතව ලබා දිය හැකි පහසුකම් සඳහා සිසුන් තෝරාගන්නා පරීක්ෂණයක් මිස සාධනීය පරීක්ෂණයක් නොවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    කිසියම් සිසුවෙකු කඩඉම් ලකුණට පහළින් ලකුණු ලබා ඇත්නම් ඔහු හෝ ඇය අසමත් වශයෙන් සැලකිය යුතු නොවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මෙම විභාගයේ කඩඉම් ලකුණු තීරණය වන්නේ ලබා දෙන ශිෂ්‍යත්ව මත හා වාර්ෂිකව අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000කට ශිෂ්‍යත්ව ලබා දෙනු ලැබේ.

    වඩා පහසුකම් සහිත රජයේ පාසල්වල 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා වන පුරප්පාඩු සංඛ්‍යාවට සිසුන් තෝරා ගන්නේ ද ශිෂ්‍යත්ව විභාගයෙන් වන අතර එබැවින් මෙම විභාගයට දැඩි තරගකාරී බවත් ආරෝපණය වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති තුළින් සිසුන්ගේ සාධණ මට්ටම ඉහළ යාමෙන් ඉහළ ලකුණු ලබා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිවි ඇති බවද එය ඉබේ සිදුවන කරුණක් විනා කිසියම් මැදිහත්වීමක් මත තීරණය කරන දෙයක් නොවන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

    Latest News