COVID - 19 අරමුදලේ ශේෂය රු.මිලියන 609ක්

අප්‍රේ 10, 2020

    ආයතනිකව හාපෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි.

    ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම- ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී ( ThichVien Ly) ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000ක මුදලක් පරිත්‍යාග කළහ. එම මුදල වල්පොල පියරතන හිමියෝ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත භාර දුන්හ.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ  අංක 85737373 දරණ  විශේෂ ගිණුමට  පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

    දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට  හැක.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 18:04

    Latest News