ගෝඨාභයගේ නඩුව යළි කල්යයි

ඔක් 19, 2018

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 9 වැනිදා යළි කැඳවන ලෙස ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළේය.

    පසුගිය රජය සමයේ මැදමුලන, වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

    විත්තිය ඉල්ලා සිටින ලේඛන බොහොමයක් මේ වන විටත් ඔවුන්ට ලබා දී ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

    ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9ක මුදල් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව සම්පත් අබේකෝන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව පැවැත්විණ.

    Last modified on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 11:59

    Latest News