කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායනයට

අප්‍රේ 04, 2020

    බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 150 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි.

    දරු ප්‍රසුතිය සඳහා කළුතර, නාගොඩ මහරෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී කළ පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිතයෙකු බව හෙළි විය.

    මේ වනවිට මව සහ දරුවා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාරු කර යවා ඇති බව වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ බේරුවල ප්‍රදේශයෙන් මේ වනවිට කොරොනා ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

    Latest News