කොරෝනා ආසාදිතයින් බවට සැක හා ඇසුරු කළ වූවන් දැඩි පරීක්ෂාවට (වීඩියෝ)

අප්‍රේ 04, 2020
  • කොරෝනා ආසාදිතයින් යැයි සැක කෙරෙන පිරිස් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නැවත, නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කිරීමට රජය තීරණය කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා වෛසරය රට තුළ ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව අනාවරණ කෙරිණි.

    ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමට සෞඛ්‍ය අංශ නිලධාරීන් මෙන්ම යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් එක්විය.

    රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම්ව බව එම රැස්වීමේදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

    වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින්වර ලබාදෙන නිර්දේශ අධ්‍යනය කොට සුදුසු පරිදි ඒවා පිළිපැදීමට ද මෙහිදී තීරණය වූ අතර දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව, යහපත් තත්ත්වයක් උදාවන තුරු ඉදිරියට ගෙනයාමට ද සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ, රට තුළ කොරොනා වෛරසයේ ව්‍යාප්තිය හදුනා ගත් මුල් අවස්ථාවේදීම රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම ගැටළුව කළමනාකරණය කිරීමට හැකි වූ බවයි.

    කෙසේ වුවත් අවදානම පහව ගොස් නොමැති බව ඔහු සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 04 අප්‍රේල් 2020 20:39

    Latest News