නිවෙස්වල විදුලිය හා ජලය බිඳ වැටීම් හා දෝෂ ඇත්නම් මෙන්න විශේෂ සේවාවක්

අප්‍රේ 04, 2020

    ඇදිරි නීති කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාවක් හෙට (05) සිට ක්‍රියාත්මක කර ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො), ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නංවා තිබේ.

    විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුළ පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත.

    ආරම්භයේදී දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

    තම ජලනල පද්ධතියේ ගැටළුවක් සිදු වු විට ජලනල කාර්මිකයෙකුගේ සේවාව ලබාගැනීම සදහා 1939 අංකය අමතා අදාල ගැටලුව ඉදිරිපත් කල හැකියි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පද්ධතියෙහි දෝෂයක් ඇති වු විට 1987 ඇමතීමෙන්ද ලෙකො විදුලි පාරිභෝගිකයෙකුගේ අභ්‍යන්තර විදුලි පරිපථයෙහි දෝෂයක් ඇති වු විට 1910 අංකය ද අමතා සහාය ලබාගත හැකියි.

    මෙම සේවාවට අදාල වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ දුරකතන අංක 076 - 4 271 030 අමතන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා.

    වැඩිදුර තොරතුරු සඳහා

    ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා 0719 - 998 404

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඉංජිනේරු වසන්තා ඉලංගසිංහ මහත්මිය 0773 - 404 140

    ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතිඥ අතුල ද සිල්වා මහතා 0777 - 769 787

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772 - 943 193 අමතන්න.

    Latest News