වෘක්කයින්ගෙන් බේරෙන්න සොයිසා ගිය තැන

දෙසැ 18, 2018

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජිතමුණි සොයිසා, ලක්‍ෂමන් සෙනෙව්රත්න, ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කරමින් අද (18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගත්තේය.

    එහිදී විජිතමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසිය. “දේශපාලන අර්බුදය හැම කෙනෙකුටම දැනෙනවා. බදු වශයෙන් ඔවුන්ගේ කරට බර වෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපිට ලොකු වගකීමක් තිබෙනවා. කුඩා පක්ෂ හැසිරුණ ආකාරය ගැන අපි අගයක් එකතු කළ යුතුයි. අපේ පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කටයුතු කිරීමේ බාධාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා.
    අපි බාඳුරා මලට වැටුණු කොඳුරුවෝ වගේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ලෙස අන්ත අසරණ තත්වයකට පත්වෙලා. මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මම 1979 අවිස්සාවේල්ල නගර සභාවට ඉල්ලුවේ අපේක්ෂකයෝ නැති කාලේ. කිසිම නායකයෙක් ඇවිත් අපට ඡන්දය දෙන්න කිව්වේ නෑ.
    ප්‍රජා අයිතිය නැති සිරිමා මැතිණිය ඇමති කරන්න කටයුතු කළා. චන්ද්‍රිකා මැතිනිය ජනපති කරන්න කටයුතු කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ සංවිධානයේ හිටියා. රංජිත් මද්දුම බණ්ඩාරයි මමයි නයයි, පොළඟයි වගේ. අද මේ නයාටයි, පොළඟටයි වාඩි වෙන්න වුණා. ගලපු ගංවතුරේ එකම කෙහෙල් කොටයට නගින්න වුණා. අපිට ඉස්සරහට යන්න බෑ පස්සට යන්නත් බෑ. එක්කෝ වැට කපන්න ඕන. නැත්නම් අමුඩේ ගලවන්න ඕන.
    මහින්ද රාජපක්‍ෂ මහතා මට ඇමතිකමක් දුන්නා. එතුමාගේ වටේ ඉන්න වෘකයෝ එක්ක ගමනක් යන්න බෑ. මම කැලේ ඇමති. පුෂ්පයා පොල් ඇමති. සුමේධා කිහිලිකරු ඇමති. අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි පක්ෂ පාට නෙමෙයි ජනතාවට ඕන.
    අපේ ආණ්ඩු කාලයේ මට වැඩකරන්න දුන්නේ නෑ. නමුත් යහපාලන රජය කාලයේ මට වැඩ කරන්න දුන්නා. අපි වැව් 200ක් හැදුවා. මම යූඑන්පී එකට ආවා කියලා හිතන්න එපා.

     

     

     

     

     

     

    Last modified on බදාදා, 19 දෙසැම්බර් 2018 09:07

    Latest News