පුත්තලම සහිරා ජාතික පාසලේ සිටි 10කට කොරෝනා

අප්‍රේ 01, 2020

    පුත්තලම සහිරා ජාතික පාසලේ ස්ථාපනය කර ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සැකසහිත පුද්ගලයන්ගෙන් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඔවුන් ඊයේ රාත්‍රී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට රැගෙන ආ බව අප වාර්තාකරු පවසයි.


    ඒ අතර පිරිමි පුද්ගලයන් 08ක් හා කාන්තාවන් 2ක් වේ. එම පිරිස පසුගිය 29 වැනිදා පුත්තලම, සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කෙරිණ. වෛද්‍ය පරීක්‍ෂණවලදී ඔවුන් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. 143 වැනි බලසේනාධිපති, බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත මෙම පිරිස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කෙරිණ.

    Latest News