සමෘද්ධිලාභීන්ට සහන ණය ලබාදීම ඇරඹේ

මාර් 26, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉදිරිපත් කළ සහන පැකේජය යටතේ සමෘද්ධිලාභීන්ට සහන ණය ලබාදීම අද ආරම්භ කෙරිණ.

    ඒ, ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ ප්‍රදේශවලටයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීති තත්වය යටතේ සමෘද්ධිලාභීන්ට සහන ලබාදීම සඳහා මෙම ණය වැඩපිළිවෙළ හඳුන්වා දෙනු ලැබීය. ඒ යටතේ, රුපියල් දස දහස බැගින් පොලී රහිත අත්තිකාරම් මුදලක් සමෘද්ධිලාභීන්ට ලබාදීමට නියමිතයි. එය ක්‍රියාත්මක වන්නේ, සමෘද්ධි බැංකු සංගම් හරහා.

    මෙම රුපියල් දස දහසේ අත්තිකාරම් මුදල රුපියල් 5000 බැගින් කොටස් දෙකක් ලෙස නිකුත් කිරීමට නියමිතයි. එම ණය මුදල ගෙවීම සඳහා මාස 06ක සහන කාලයක් ද හිමිවේ. එමෙන්ම, සමෘද්ධිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් එම සහන ණය මුදල ලබාදීමට ද පියවර ගෙන තිබේ. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව සිය ප්‍රසාදය පළ කරයි.

    Latest News