කොරෝනා මඩින්න රු.කෝටි 63කට අධික මුදලක්

මාර් 24, 2020

    COVID-19 රෝගය පාලනය සඳහා රුපියල් කෝටි 63කට අධික මුදලක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරයි.

    2019 වසරේ දෙසැම්බර් මාසයේ මෙහෙයුම් ප්‍රතිලාභ හා මෙම වසරේ ජනවාරි මාසයේ මෙහෙයුම් ප්‍රතිලාභවල ලාභය වන රුපියල් කෝටි 63කට අධික මුදල ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දී තිබේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ජගත් විජේවීර මහතා සඳහන් කළේ කෙරෝනා රෝග මර්දනයේ දී අවශ්‍ය වෛද්‍ය සේවා සහ ජනතාවට සහන සැපයීම සඳහා මෙම මුදල පරිත්‍යාග කළ බවයි.

    Latest News