ලෝක සත්වයාට ආශිර්වාද කරමින් දළදා මාලිගයෙන් ඇසෙන පිරිත් හඩ (වීඩියෝ)

මාර් 22, 2020
  • ඇඳිරි නීතිය පැනවීමත් සමග සමාජය ගෝෂාකාරී තත්වයෙන් මිදී තිබෙනවා. අපට ඇසෙන්නේ පිරිත් හඩ හා විවිධ සතුන්ගේ හඩවල් පමණයි.

    මහනුවර නගරයට ගියාමත් අපට ඇසුණේ මේ පිරිත් හඩ පමණයි. දළදා මාලිගාවේ මගුල් මඩුවේ සිට පුරා දින 7ක් රතන සූත්‍රය දේශනා කරනවා. ඒ ඇති වී තිබෙන භයානක වසංගතයෙන් අත් මිදීමට ලෝක සත්වයාට ආශිර්වාද කිරීම අරමුණු කර ගනිමින්.

    අස්ගිරි මල්වතු උභය මහ විහාරීය අනුනායක ස්වාමීන් වහන්සේලා සමග මහා සංඝරත්නය පිරිත් සජ්ඤායනයට වැඩම කර සිටිනවා. මේ පිරිත් පැන් කොරෝනා තර්ජනය සහිත රටවල් 45කට පරිත්‍යාග කිරීමට නියමිත බව, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 14:38

    Latest News