මහ මැතිවරණය කල් දැමු ගැසට් නිවේදනය නිකුත් වේ (වීඩියෝ)

මාර් 22, 2020
  • මහ මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනයේ දැක්වුණේ කෝවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය ලබන 25 වැනි දින නොපැවැත්වෙන බවයි.

    ඒ අනුව කල් දමන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ දිනය අප්‍රේල් 30 වැනි දිනට පුසව දින 14 කට පසු දිනයක් තීරණය කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනයෙන් දන්වා ඇත.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 14:38

    Latest News