සතොසින් භාණ්ඩ online ක්‍රමයට

මාර් 22, 2020

    මහජනයා වෙළඳපලට එක්‍ රැස්වීම වැලක්විමේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස සතොස මගින් ඔන්ලයින් ක්‍රමයට නිවෙස් වලට ඉල්ලුම් කරන භාණ්ඩ යැවීමට හා එලවලු ඇතුළු අවශ්‍ය දේ කුඩා ලොරි මගින් නිවෙස් අසලටම යැවිමේ කටයුතු යොදා ගෙන යන බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න අරුණට පැවසිය.

    ඇදිරි නීතිය පවතින මොහොතේ “චුන් පාන්“ වාහන වැනි දේ ගම්වලට හා මහල් නිවාස සංකිර්ණ වෙත යැවීමට ද තිරණය කර ඇත.

    සිවිල් ආරක්ෂක බලකායද මේ සදහා කැඳවීමට පියවර ගෙන ඇත.

    මෙමගින් ජනතාව වෙලඳසැල් අසල එක්‍ රැස්වීම වළකා කොරෝනා ව්‍යාප්ත වීම වැලක්විමට බලධාරින් පියවර ගෙන ඇත.

    කඩුවෙල නගරාධිපති හා ප්‍රාදේශීය ලේකම්වරියගේ මගපෙන්වීම මත ඔන්ලයින් ක්‍රමයට නිවෙස් වලටම ඇණවුම් කරන භාණ්ඩ රැගන ගොස් දීමට සතොස මගින් ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට නියමිතය.

    මෙය කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ වලට ද ක්‍රියාත්මක කිරිමට අවධානය යොමුකර ඇත.

    Latest News