කොරෝනා රට තුළ ව්‍යාප්තවීම නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග කිහිපයක් (වීඩියෝ)

මාර් 20, 2020
  • කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීමට රජය කඩිනමින් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.

    ඒ අතර දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීම හා සියලු ආකාරයේ චාරිකා තහනම් කිරීම ද වේ. චාරිකා තහනමේ ප්‍රධාන අරමුණ ඒකරාශීවීම් නතර කිරීමයි. විනෝද චාරිකා, වන්දනා ගමන් සහ දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම බල පැවැත්වෙන පරිදි අද තහනම් කෙරිණ.

    ජන ජිවිතය සුරක්‍ෂිත කිරීමට රජය ඉහළම ප්‍රමුඛත්වය ලබාදී තිබේ. උද්ගතව ඇති තත්වය දෛනිකව සවස පුරා අධ්‍යයන කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නිලධාරීන්ට නිරතුරුව උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අදසවස නිකුත් කළ විවේදනයේ දැක්වේ.

    ජනතාව රැස්වන ස්ථානවලදී පුද්ගල දුරස්ථතාව මීටරයක් දුරින් පවත්වා ගත යුතුය. බස් රිය සහ දුම්රිය සේවාවලදී ද මෙය අනුගමනය කළ යුතුවේ. බස් රියෙන් හා දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ ඒවායේ ගමන් කළ හැකි බවට නිශ්චය කළ හැකි සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ හිඟයකින් තොරව රට පුරා බෙදාහැරීමට විධිවිධාන යොදා තිබේ. ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් භාණ්ඩ බෙදා හරින්නැයි සතොස ඇතුළු වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් ලබා දී තිබේ.

    රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට වඩාත් සුදුසු දුරස්ථ සන්නිවේදන ක්‍රමයක් සලසා ගැනීමට අවස්ථාව තිබේ. අධිකරණ නඩුවලදී ජනයා සීමාවන අයුරින් ක්‍රියා කිරීමට පියවර ගත යුතුය. ජනාධිපතිතුමා පෙබරවාරි 26 වැනිදා කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය ස්ථාපනය කරනු ලැබීය. එවැනි කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එම බලකායේ සාමාජිකයන් සහ සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ නීතිපතා සාකච්ජා පවත්වයි. ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා පූර්ණ පහසුකම් සහිත රෝහල් 19ක් ස්ථාපනය කර තිබේ.

    කොරෝනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරියේ අංක 1090 ස්ථානයේ ක්‍රියාත්මකයි. රටේ උද්ගතව ඇති ගැටළුව හමුවේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියා නොකරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටී. ජන ජිවිතය හා ආර්ථිකය අඩාල නොවන අයුරින් ප්‍රායෝගිකව අධ්‍යනය කරමින් තීරණ ගත යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඇතැම් පුද්ගලයන් හා සමාජ මාධ්‍ය කටකතා මාර්ගයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ගෙන් ඇතමෙකු හඳුනාගෙන ඇතැයි ද එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 01:39

    Latest News