පරිප්පු, ටින් මාළු මිල පහළට

මාර් 18, 2020

    පරිප්පු සහ ටින් මාළු මිල අඩු කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණයත් සමඟ ජනතාව එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට දැඩි උනන්දුවකින් පැමිණෙන ආකාරය දැකගත හැකිවිය.

    මිල පහත හෙළිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පාරිභෝගික ජනතාව ප්‍රසාදය පළ කරයි. ජනාධිපතිතුමා ඊයේ ජාතිය අමතමින් දැනුම් දුන්නේ, සැමන් ටින් එකක් රුපියල් 100කටත්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 65කටත් අලෙවි කරන ලෙසයි. ඒ අනුව, සතොස අලෙවි සල්වල රුපියල් 225ට අලෙවි කෙරුණු ග්‍රෑම් 425ක සැමන් ටින් එකක් අද සිට රුපියල් 100කට අලෙවි කරයි.

    රුපියල් 130ක් වූ රතු පරිප්පු කිලෝවක මිල අද දැක්වුණේ රුපියල් 65ක් ලෙසයි. එම භාණ්ඩවල මිල අඩු කිරීමත් සමඟ ජනතාව ඒවා මිලදී ගැනීමට පැමිණ තිබේ.

    භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳව පාරිභෝගික අධිකාරිය පිටකොටුව තොග වෙළෙඳුන් දැනුවත් කළේය. ඔවුන් ප්‍රකාශ කළේ, හෙට තොග ලැබීමත් සමඟ මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.

    ආපන ශාලා හිමියන්ගේ සංගමය ටින් මාළු සහ පරිප්පු මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

    Latest News