කටුනායක ගුවන්තොටුපොළ වැසීමේ අවශ්‍යතාවක් නෑ..සභාපති

මාර් 17, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන්, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

    ගුවන් තොටුපොළේ විෂබීජහරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි, සභාපතිවරයා ප්‍රකාශ කළේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ සෞඛ්‍ය බලකාය විසින්, ඊයේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ,විජබීජ හරණයට ලක්කලා. ඒ, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ද දායකත්වයෙන්. දින 3කට වරක්, මෙසේ විෂබීජහරණ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ ප්‍රකාශයට පත්කළෙ නිරෝධායන දිනයේ දී නගර, බස් නැවතුම්පොළ විජබීජහරණයට ලක් කෙරිණ. කොළඹ බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොළ විෂබීජහරණයට ලක්කෙරුණේ, ජාතික ගමනාගමන කොමිසමේ දායකත්වයෙන්. බස් නැවතුම්පොළට පැමිණෙන සියලු බස්රථ විෂබීජහරණය කෙරිණ. පැමිණෙන මගීන් සඳහා අත් සෝදා ගැනීමේ ස්ථාන කිහිපයක් ද පිහිටුවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 17 මාර්තු 2020 09:22

    Latest News