අක්‍ෂි රෝහල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

මාර් 16, 2020

    අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම සඳහා පමණක් ජාතික අක්‍ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    කොරෝනා වෛරසයේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. හදිසි අනතුරු සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් පමණක් රෝහලට පැමිණිය යුතුය. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා උපරිමයෙන් සීමා කිරීමට රජය තීරණය කළේය. අක්‍ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ආසන්නතම ඇති රජයේ රෝහලකට ද යොමු විය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    Latest News