මැතිවරණය කල්දැමීමට තීරණයක් ගෙන නැහැ; මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

මාර් 16, 2020
  • මැතිවරණය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    සෞඛ්‍ය අංශ සමඟ අද පැවති සාකච්ජාවකින් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා....

    “මූලික ප්‍රශ්නය හමුවීම්, කැඳවීම් නවත්වා ගැනීමට අත්‍යාවශ්‍යයි. ඒවා නැවැත්වීමට අත්‍යාවශ්‍ය වෙන කොට අපේ නිලධාරීන්ගේ පුහුණුවීම් කොහොමද කරන්නේ. අද සිට දිගටම ප්‍රචාරයක් දෙනවා ගම් මට්ටමින්ම නාමයෝජනා බාරදෙන තැනැත්තා සහ සහයකයෙක් හැරෙන්න වෙනත් අය නාමයෝජනා ශාලාවට පමණක් නෙමෙයි අඩුම ගානේ නගරයටවත් එන්න එපා කියලා.

    “කොවිට් 19ට බිය නොවෙමු-ආරක්‍ෂා වෙමු, එය පරදවමු“ ඒක කරන්න මේ ගෙන යන වැඩපිළිවෙළට සියලුම දේශපාලන පක්‍ෂවල සහය සහ රටේම සම්පූර්ණ සහය අවශ්‍යයි කියන මතය අපි මේ වෙලාවේ අපි ගෙනයනවා. මැතිවරණය කල්දානවාද, නැද්ද කියන එක කොමිසන් සභාවට මේ අවස්ථාවේදී තීරණය කරන්න වෙනවා. අපි නාම යෝජනා ගන්න ඕනේ. ඉන් අනතුරුව තමයි බලාරොත්තු රහිත තත්වයක් මොනවා හරි දෙයක් ආවොත් ක්‍රියා කිරීමේ බලයක් කාටහරි ලැබෙන්නේ.

    නමුත්, මැතිවරණය කල්දැමිය යුතුය කියන මතය දැනට අපි තීන්දුවකට ඇවිල්ලා නැහැ. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝගවලින් පෙළෙන අය නාම යෝජනා බාරදෙන්න නොඑයි කියලා අපි හිතනවා. එහෙම යම් කෙනෙකු එනවා නම් ඔවුන් මුහුණු ආවරණය පළඳගෙන ඒම අත්‍යවශ්‍යයි“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සදුදා, 16 මාර්තු 2020 19:18

    Latest News