රජයේ නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තුවක් නැහැ

මාර් 16, 2020

    අද (16) ලබා දුන් රජයේ නිවාඩු දිනය තවත් ඉදිරියට දීර්ඝ කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා කියා සිටියේ රජය මෙලෙස නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලද්දේ කොරෝනා වයිරසය පැතිර යාමේ බරපතලකම මහජනතාවට අවබෝධ කර දීමේ අරමුණින් බවයි.

    එසේම අත්‍යවශ්‍ය රාජකාරී කටයුත්තක් ඉටු කර ගැනීම හැර රජයේ කාර්යාල වලට අනවශ්‍ය ලෙස මෙම දින කිහිපයේ පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද හෙට්ටිආරච්චි මහතා සිදු කරනු ලැබීය.

    Latest News