“කොරෝනා“ පරීක්‍ෂණ පෞද්ගලික රෝහල්වලට අවසර නෑ

මාර් 14, 2020

    කොරෝනා වෛරස් රෝගය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ රජයේ රෝහල්වල පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ පෞද්ගලික රෝහල් වලට ඒ සඳහා රජය අවසර දී නැති බවයි.

    මෙම පරීක්ෂණ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය, කරාපිටිය හා අනුරාධපුර ශික්ෂණ රෝහල් මගින් දැනට සිදුකෙරෙන අතර ඉදිරියේදී උතුරු කොළඹ රෝහලේදී එම පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 17:00

    Latest News