රවී අධිකරණයෙන් පිටව යයි

මාර් 13, 2020

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

    එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

    රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සිව්දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමක් මේ වනවිට අධිකරණය හමුවේ සැලකිල්ලට ගනිමින් පවතියි.

    එමෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතාද අධිකරණය හමුවට පැමිණියේය.

    Latest News