“කොරෝනා“ ජනතාව දැනුවත් කිරීමට පැය 24 පුරා මාධ්‍ය මධ්‍යස්ථානයක්

මාර් 12, 2020

    “කොවිඩ් නයින්ටීන්“ වෛරසයෙන් වැළැකීම සඳහා වූ උපදෙස් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීම මෙහි අරමුණයි. ඒ පිලිබඳ සාකච්ජාවක් රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12) පැවැත්විණ. ඒ බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පවතින තත්වය හමුවේ වගකීම් සහගතව ජනමාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරිණ.

    Latest News