කොරෝනා ගැන තිබෙන ප්‍රශ්නවලට - මෙන්න පිළිතුරු (වීඩියෝ)

මාර් 08, 2020
  • කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට මෙරටට පැමිණෙන්නන්, හෙට සිට නිරෝධාය මධ්‍යස්ථාන 2ක් වෙත යොමු කිරීමට තීරණය කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය යොදා ගන්නා බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ පැවති සාකච්ජාවකදී මෙරට පැමිණෙන්නන් නිරෝධායනය සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කිරීමට තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වෛරසය ශීග්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කෙරේ. එක් මධ්‍යස්ථානයක් වන්නේ, මඩකලපුව, පුද්ගලික විශ්වවිද්‍යාලයයි. එය හුදකලා ප්‍රදේශයක පිහිටා තිබේ. ඊට අමතරව, තෝරා ගෙන ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයයි. එම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ. මෙය කලක සිට කොටි ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් සංවිධාන කෙරුණු ස්ථානයක්. එය දැනට පවත්වාගෙන යන්නේ, විවිධ හේතු නිසා නොමඟ ගිය පුද්ගලයන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙසයි.

    මේ සම්බන්ධයෙන්ම් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මියගෙන් දැක්වූ අදහස්..

    “උෂ්ණාධික තත්වය යටතේ කොරෝනා වෛරසය පැතිරීම වැඩිද, අඩුද කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් තවම ඔප්පු කර නැහැ. ඒ නිසා සැනසීමට වඩා ආරක්ෂාවීම බුද්ධිමත්.
    කොරෝනා වෛරසය බහුතරයකට මෙය සාමාන්‍ය රෝග තත්වයක් ලෙසින් ඇතිවෙන්නේ. සුලුතරයකට සංකූලතා ඇතිවෙන්න පුලුවන්, තවත් කොටසකට මාරාන්තික වෙන්න පුලුවන්.
    අවදානම් කලාපයේ ඉන්නේ වැඩිහිටි වයස්ගත අය, දියවැඩියා වගේ දිගුකාලීන රෝග තියෙන අය, කුඩා දරුවන්ට මෙය සාමාන්‍ය රෝග තත්වයක් ලෙස බලපාන බවයි ඔප්පු කර තියෙන්නේ. කොරෝනා වෛරසය බෝවන්නේ කහිනකොට, කිවිසිනකොට පිටවන බිදිති මගින්. මෙය බරින් වැඩියි. වාතයෙන් සුළඟින් පාවෙලා ගිහිල්ලා බෝ කිරීමේ හැකියාව අවමයි“ යැයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළායය.

    Last modified on සදුදා, 09 මාර්තු 2020 20:17

    Latest News