වතුකරයට වෙනම විශ්වවිද්‍යාලයක් - උසස් අධ්‍යාපන ඇමති

මාර් 09, 2020

    හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්වවිද්‍යාලය සඳහා තේරී පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හැටන් කොටගල ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා අද (09) ඉඩම් පිළිබඳව නිරික්ෂණ සංචාරයක නියැලෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

    අමාත්‍ය ආරමුගන් තොණ්ඩමන් මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා එහි සංචාරයේ නියැලිණ.

    මෙම සංචාරයේදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පතන ශ්‍රි පාද විද්‍යා පිඨය සහ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදි නිරික්ෂණයට එක්විය.

    එම විද්‍යා පිඨය සහ තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය උසස් අධ්‍යාපනය සදහා අවශ්‍යය පහසුකම් ලබාදිමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේය.

    වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන 2020 අයවැයෙන් එම විශ්ව විද්‍යාලය ඉදිකිරීම ප්‍රතිපාදන වෙන් කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 09 මාර්තු 2020 13:36

    Latest News