කුවේටයට, ශ්‍රීලන්කන් ගුවන් ගමන් ලබන 12 දක්වා තාවකාලිකව අත්හිටුවයි

මාර් 08, 2020

    ශ්‍රී ලංකාවේ සිට කුවේටය දක්වා ගුවන් ගමන් ලබන 12 දක්වා අත්හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

    එය කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ තීරණයකට අනුවයි. කෙසේ වෙතත් 13 වනදා සිට කුවේටය දක්වා සාමාන්‍ය කාලසටහනට අනුව නැවත ගුවන් ගමන් ආරම්භ කරන බව ඔවුන් කියා සිටී.

    ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දියාව, සිරියාව, ලෙබනනය සහ ඊජිප්තුව යන රටවලින් පැමිණෙන ගුවන් ගමන් සතියක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව කුවේටයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂවරයා නිවේදනය කළා.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 19:12

    Latest News