මිද්දේණියේ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ 03 ක් අත්අඩංගුවට

මාර් 07, 2020

    මිද්දේණිය, දඹේතලාව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, ඒ අතර ප්‍රධාන සැකකරු හා අනුබල දුන් දෙදෙනෙකු ද වන බවයි.

    ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය මෙන්ම ඒ සඳහා යොදා ගත් ගිනි අවියද පොලීසිය භාරයට ගෙන තිබේ.

    පසුගිය 3 වැනිදා අවමංගල උත්සවයක් පැවැති නිවසකදී ඝාතනය සිදුව තිබිණ.

    Latest News