රට හා අනාගත පරපුර ගැන සිතා එළැඹෙන මහා මැතිවරණයේදී, ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුයි; අගමැති

මාර් 07, 2020

    රට හා අනාගත පරපුර ගැන සිතා එළැඹෙන මහා මැතිවරණයේදී, ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

    ඒ සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා.

    Bus px 900 07 03 20

    පිළියන්දල බස්නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින්, අග්‍රාමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියා. මීට වැය කෙරුණු මුදල රුපියල් කෝටි 43කට ආසන්නයි. නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන සපයා තිබෙනවා. පිළියන්දල නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පැරණි බස් නැවතුම්පොළ වෙනුවට නව බස්නැවතුම්පොළ ඉදි කෙරුණා.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “ඒවා ඉටු කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. උපාධිධාරී සියල්ලන්ටම අපි රස්සා ලබාදෙන්න ලැහැස්ති වුණා. මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ලියුම් තැපැල් කරලා තියෙනවා. ලියුම අතට ලැබිලා වැඩ බාරගන්න එපා කියලා එතුමා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඔවුන්ට ඒ මාස දෙකේ නිකං පඩි ගෙවන්න ඕනේ. අපි ඔවුන්ට පඩි ගෙවන්න ඕනේ. ඒ මාස දෙක ඔවුන් ගෙදරට වෙලා ඉන්නවා. මට තේරෙන්නේ නැහැ ඒකෙන් ඇතිවන වාසිය මොකක්ද කියලා අපිට. දේශපාලන භේදයෙන් තොරව තමයි රස්සාවල් දුන්නේ. සමහර ළමයි පෙට්‍රල් ෂෙට්වල වැඩ කළා, හෝටල්වල වැඩ කළා. උපාධිධාරීන් ඒ අයගේ නම තුන්පාරක් ඇවිල්ලා ඒ තුන්පාරම නම කපලා දැම්මා. ඒ මේ පළාත්වල දේශපාලන නායකයෝ එදා. එවැනි තත්වයක් අපි ඇතිකරන්න සූදානම් නැහැ. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එතුමා කිව්වේ සියලු දෙනාට දේශපාලන භේදයෙන් තොරව ඒ රැකියා ලැබිය යුතුයි. එදා දුන්නු පොරොන්දු එකින් එක ඉටු කරමින් යන වේලාවක්. පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා ඉවර වෙච්ච වහාම, පළාත් සභා මැතිවරණයත් තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ“ යැයි අගමැතිතුමා පැවසීය.

    Latest News