රාජකීය ඔස්ට්‍රේලියා නාවික හමුදාවේ පැරමැටා නෞකාව කොළඹ වරායට

මාර් 07, 2020

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ පැරමැටා (HMAS Parramatta) නෞකාව 2020 මාර්තු මස 07 වන දින කොළඹ වරායට ‍සේන්දු වීමට නියමිතව ඇත.

    නිලධාරීන් සහ නැවියන් 200 කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ඕස්ට්‍රේලියානු යුධ නෞකාව 2020 මාර්තු 07 වැනි දින සිට 11 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතයි.

    එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන්, ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

    දෙරටේ නාවික හමුදා සාමාජිකයින් හට තම තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් වෘත්තීය සබඳතා වර්ධනය කර ගැනීමටත් මෙමගින් අවස්ථාව උදාවන වනු ඇත.

    Latest News