පැමිණෙන අමුත්තන්ට ගුවන්තොටුපල අද සිට යළි විවෘතයි

මාර් 06, 2020

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා යළි විවෘත කර තිබේ.

    අද(06) උදෑසන සිට ගුවන්තොටුපලට පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවල ඇති ලොබි ශාලා වෙත අමුත්තන්ට පැමිණිය හැකියි.

    පසුගිය ජනවාරි 28 වැනි දින සිට ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට ගුවන්තොටුපල අභ්‍යන්තර පර්යන්ත වෙත ඇතුළුවීම සීමා කර ඇත.

    කොරෝනා වෛරසය හේතුවෙන් එම තීරණය ගන්නා බව ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

    නමුත් මේ වන විට එම සීමාව ඉවත් කර ඇති අතර එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් පර්යන්ත වලට පිවිසීමට අවසර දී තිබේ.

    ඒ සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වන අතර ප්‍රවේශ පත්‍ර කවුළුව ද අද උදෑසන සිට විවෘතව තැබීමට නියමිතයි.

    Latest News