පාසල් කීපයක සිසුන් රෝහල් ගත කෙරේ

මාර් 06, 2020

    ආසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර තිබේ.

    ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

    වව්නියාව අග්‍රබෝධී මහ විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු වවුනියාව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

    සිරුරේ හටගත් කැසිල්ලක් නිසා මෙම ආසාත්මිකතාව හටගෙන තිබූ අතර, ආසාත්මික තාව ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නෑ.

    මේ අතර, වාරියපොල සුමංගල විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 75 දෙනෙකු පමණ , විෂ දුමක් ආඝ්‍රහනය වීම නිසා ආසාත්මිකතාවකට ලක්ව තිබුණි.

    මේ සිසුන් විසින් පාසලේ කසළ වලක් ගිනිතබා ඇති අතර එහිදි ඇතිවූ දුම ආඝ්‍රාහනය වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.

     

    Latest News