මිලියන 148කට අධික වී මිලදීගෙන අවසන් - යුධ හමුදාපති පවසයි

මාර් 04, 2020

    වී අලවි මණ්ඩලය සමඟ ඒකාබද්ධව මේ වනවිට රුපියල් මිලියන 148කට අධික ප්‍රමාණයක වී මිලදීගෙන ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔහු පවසන්නේ වී මිළදී ගැනිම සඳහා යුධ හමුදාව මැදිහත්විම හේතුවෙන් පසුගිය කන්නට සාපේක්ෂව විශාල වී තොගයක් මේ කන්නය තුළ ගබඩා කිරිමට වී අලෙවි මණ්ඩලයට හැකිවී ඇති බවයි.

    ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන වී අලෙවි මණ්ඩලය සමඟ එකතුව සිදු කරන අතර මේ වනවිට දිවයිනනේ සෑම ප්‍රදේශයක්ම අවරණය වන පිරිදි මෙම වී මිළ දී ගැනීම සිදුව බවද ඒ මහතා සඳහන් කළේය.

    රුපියල් 50ක අවම මිල යටතේ වී මිල දී ගැනීම සිදුකළ අතර මේ වනවිට පෞද්ගලික ව්‍යාපාරිකයන් රුපියල් 53 - 55 වැනි වැඩි මිලකට ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට පෙළඹි ඇති බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

    ඒ හරහා සිදු වන්නේ ගොවීන්ට වැඩි මිලක් ලැබීම බවද ඒ මහතා පැහැදිලි කළේය.

    Latest News