කොළඹ වැලි කැණීම්වලින් බලපෑම් සිදුවන ධීවරයින්ට විසඳුමක්..ඇමති ඩග්ලස්

මාර් 04, 2020

    කොළඹ සිට අඟුලාන දක්වා වෙරළ තීරයේ සිදු කරනු ලබන වැලි කැණීම් හේතුවෙන්, ධීවර ජනතාවට බලපෑමක් සිදුවන්නේ නම් ඒ සඳහා සාධාරණ විසඳුමක් ලබා දෙන බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, එම වෙරළ තීරයේ නිරීක්ෂණයකට එක්වෙමින්.

    රටේ සංවර්ධනය හා වෙරළේ යම් ස්ථානවල සිදුවන ඛාදනය හේතුවෙන් එම ප්‍රදේශවලට අවශ්‍ය වැලි ලබාගත යුතුව ඇතත්, එමගින් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ ජන ජීවිතයට බලපෑම් එල්ල වන්නේ නම්, ඒ පිළිබඳ කරුණු සොයා බලා සාධාරණ විසඳුමක් ලබා දීමට ක්‍රියා කරන බවයි, අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ. ධීවර ජනතාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනූවයි, අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. වැලිකැණීම් හේතුවෙන් මුහුදේ ස්වභාවික තත්වය වෙනස් වී මත්ස්‍ය අස්වැන්න අවම වන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි. ඉකුත් වසර 5ක කාලය තුළ වැලි කැණීම් දියත් කිරීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්නට දැඩි බලපෑම් එල්ල වූ බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ප්‍රදේශය ආශ්‍රිතව කුඩා බෝට්ටු හිමියන් විශාල පිරිසක් ධීවර වෘත්තියෙහි නිරත විය. වැලි කැණීම් හේතුවෙන්, ඔවුන්ට තව ජීවනෝපාය අවහිර වී ඇති බවයි, මෙහිදී පෙන්වා දුන්නේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 10:24

    Latest News