අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමත් සමග ඒ පිළිබඳව සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බවයි.
නිල නිවාස සහ නිල වාහන නියමිත දිනට පෙර ලබා නොදීමෙන්, ඉදිරි කටයුතු වලට බාධා එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර, කඩිනමින් එම නිවාස සහ වාහන රජයට භාර දෙන්නැයි, අමාත්‍යවරයා දැනුම් දී තිබේ.