විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක්

මාර් 02, 2020

    ශ්‍රී ලාංකිකයන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල රැකියාවල නිරත වී සිටින අතර, වර්තමානයේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ප්‍රභවය බවට, එම විදෙස්ගත ශ්‍රමිකයින් පත්වී ඇත.

    එසේ වුවද, විදෙස් ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන් සමාජ ආරක්ෂණය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කිරීමට නොපෙළඹෙන බවත්, ඒ හේතුවෙන් විශ්‍රාම වයසට එළඹි පසු ඔවුන් විවිධ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත්, නිරීක්ෂණය වී තිබේ.

    මෙයට පිළියමක් ලෙස 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින්, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුපක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

    විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දායක සමාජ ආරක්ෂණ අරමුදලක් ඇති කිරීම සඳහා වන මූලික පනත් කෙටුම්පත සකස් කිරීමේ විශේෂඥ කමිටුවක් පත් කිරීම සදහා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු වලට අනුව 2019 දෙසැම්බර් මාසයේ දී, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණය ඇමරිකානු ඩොලර් මිලියන 665 කි. එය, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 13.8 ක වැඩිවීමකි.

    Latest News