පොළොන්නරුව දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම අද එළිදැක්විණ

මාර් 01, 2020

    පොළොන්නරුව දිස්ත්‍රික් පස් අවුරුදු සංවර්ධන සැලැස්ම අද එළිදැක්වුණා.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 2020-2025 ඉදිරි පස් අවුරුදු සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී. එය සංවිධාන කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම සංවර්ධන වැඩසටහන සකස් කොට තිබෙනවා.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා...

    “රටක් සංවර්ධනය කරන්න ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් එක පැත්තක තියෙන්න ඕනේ. පාර්ලිමේන්තුව පස්සට අදිනවානම්, අගමැති පස්සට අදිනවානම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බැහැ. ජනාධිපති පස්සට අදිනවානම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බැහැ. අපි ඒක දැක්කා. පසුගිය අවුරුදු පහ තුළ වැඩක් කෙරුණේ නැත්තේ, රට තුළ ජාතියක් වශයෙන් වැඩක් සිදු නොවුනේ පසුගිය ආණ්ඩුව තුළ අගමැති සහ ජනාධිපති අතර තිබුණ කඹ ඇඳිල්ල. ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීමට හොඳ අවස්ථාවක් ළඟදීම ලැබෙනවා“ යැයි අගමැතිතුමා කියා සිටියේය.

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ජනතා නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News