“ගමට ගෙයක්-රටට හෙටක්“ පළමු නිවස ජනතා අයිතියට

මාර් 01, 2020

    “ගමට ගෙයක්-රටට හෙටක්“ ජාතික වැඩසටහන යටතේ ඉදි කෙරුණු පළමු නිවස අද ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ, අත්තනගල්ල, ඕචඩ්වත්ත ගම්මානයේ දී. දින 60කින් නිවාස 14,000ක් ඉදිකිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය පෙබරවාරි පළමුවැනිදා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම ස්ථිර නිවසක් ඉදිකර දීම මෙහි අරමුණයි. අඩු ආදායම්ලාභී පවුල් 14,022 කට නිවාස ඉදිකර දීමට වැය කරන මුදල රුපියල් කෝටි 841ක්.

    නිවාස අමාත්‍යාංශය හා නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙවීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ පළමු නිවසයි අද ජනතා අයිතියට පත් කෙරුණේ. රුපියල් ලක්‍ෂ හතර හමාරක මුදලක් ඊට වැය කර තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් මෙම පවුල මීට පෙර ජිවත් වූයේ, ලෑලි නිවසකයි. ඒ වෙනුවට නව නිවස ඉදිකරදීම පිළිබඳව ඔවුන් රජයට ස්තූතිය පළ කළා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News