අදින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට හිමියි; මහින්ද දේශප්‍රිය

මාර් 01, 2020

    අද දිනයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

    ඒ පිලිබඳව නීතිපතිවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ඇති බවයි, අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී ඔහු මාධ්‍යයට කියා සිටියේ. එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා...

    ජනාධිපතිවරයාට අද දිනෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ලැබෙන බව නීතිපතිතුමා දන්වලා තියෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. අපිට කියන්න බැහැ කවදද විසුරුවා හරින්නේ කියලා. හෙට විසුරුවා හැරියොත් නාම යෝජනා ගන්න වෙන්නේ මාර්තු 12 සිට 19 දක්වා. ඡන්ද විමසීමේ දිනය විසුරුවා හැරිය දවසේ ඉඳලා දින 52කට පස්සේ දවස් 66 ක් ඇතුළත තියන්න ඕනේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන්න පුලුවන් වෙන්නේ අප්‍රේල් 22 වැනිදායි පස්සේ. අප්‍රේල් 25, 27, 28, 29 සහ මැයි 04 සුදුසු දිනයක් තීරණය කර ගැනීමේ පරම අභිමතය තියෙන්නේ ජනාධිපතිතුමාට“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Latest News