ජනපති රුව ප්‍රදර්ශනයෙන් වළකින්නැයි ඉල්ලීමක්

මාර් 01, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    ජනාධිපතිතුමාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත.

    තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිතුමා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව එතුමා කියා සිටී.

    Latest News