MCC ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට රජය තීරණය කරයි

පෙබ 28, 2020

    අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

    ජිනීවා යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට ද පසුගියදා පියවර ගැණින. එහි අපේක්‍ෂාව වූයේ, රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කර ගැනීමයි.

    ඉකුත් රජය සමයේ MCC ගිවිසුම පිළිබඳ තොරතුරු රටට අනාවරණය වීමත් සමඟ ඊට එල්ල වූයේ, ප්‍රබල විරෝධයක්. ජනාධිපතිවරණ සමයේ දී ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රබල හඬක් නැඟුවේය. ගිවිසුමට එරෙහි විරෝධයේ උච්චතම අවස්ථාව වූයේ, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කිරීමයි.

    ජනතා විරෝධය හමුවේ වත්මන් රජය MCC ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබාදීමට සමාලෝචන කමිටුවක් පත් කළේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුවයි. එහෙත් එක්සත් ජාතික පක්‍ෂය දිගින් දිගටම ප්‍රකාශ කළේ MCC ගිවිසුම අහෝසි නොකරන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ද මේ පිළිබඳව අදහස් පළ කෙරිණ.

    MCC ගිවිසුම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබාදීමට පත් කළ සමාලෝචන කමිටුවේ අතුරු වාර්තාව මත පදනම්ව ගිවිසුම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

    Last modified on සිකුරාදා, 28 පෙබරවාරි 2020 19:35

    Latest News