පූජ්‍ය ලේල්වල සුමේධ හිමියන්ට අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම අගමැතිතුමා අතින්

පෙබ 28, 2020

    විහාරස්ථානවලට හිමිව තිබූ තැන පසුගිය රජය සමයේ ක්‍රමානුකූලව පිරිහීමට ලක්වූයේ, බුදුදහම ආරක්‍ෂා කිරීමට ව්‍යවස්ථාවෙන්ම රජයට වගකීම පවරා තිබියදී බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එබැවින් වත්මන් රජය එම යුගය අවසන් කළ බව ගාල්ල පිළිගොඩ පූර්වාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ලේල්වල සුමේධ හිමියන්ට අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් උත්සවය සංවිධාන කර තිබිණ. උන්වහන්සේට අක්තපත්‍රය පිළිගැන්වීම, අග්‍රාමාත්‍යවරයාගේ අතින් සිදුවිය. මහා සංඝරත්නය, මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය සැමවිටම කටයුතු කරන්නේ මහා සංඝරත්නයේ උපදෙස් අනුව බවයි.

    මේ අතර අම්පේගම ශ්‍රේෂ්ඨාරාම පුරාණ විහාරස්ථානයේ නව දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    බද්දේගම ප්‍රාදේශීය සභා නව ප්‍රධාන කාර්යාලය ද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා‍ අතින්. මහා සංඝරත්නය සහ මැති-ඇමතිවැරුන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News