දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ විටින් විට වැසි

පෙබ 23, 2020

    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඉකුත් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුව නව්කිරිආරු ප්‍රදේශයෙන් වාර්තාවිය. එය මිලිමීටර් 30.2ක්. නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ බණ්ඩාරවෙල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 500 වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ප්‍ර දේශ රැසක තවමත් පවතින්නේ අධික උණුසුමක් සහිත කාලගුණ තත්වයක්. ඊයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ කොළඹ ප්‍රදේශයෙන්. එය සටහන් වූයේ සෙල්සියස් අංශක 35.9ක් ලෙසයි.

    Nata px 900 23 02 20
    ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් පහළ යමින් තිබේ. ඒ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන්. කැනියොන්, ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන බලාගාරවලට විදුලි උත්පාදනය සඳහා ජලය සැපයෙන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මාවුස්සාකැලේ ජලාශයට යටව තිබූ නටබුන්ද මේ වනවිට මතුවෙමින් තිබේ.

    Caneyon px 900 22 02 20

    බදුල්ල-කන්දකැටිය, ලොග්ගල්ඔය දින කිහිපයක සිට වාන් දමමින් පවතී. රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් ජලය මුදා හැරීම ලොග්ගල්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යාමට හේතුවයි.

    Latest News