ලොකු ලූණු වැඩි මිලට අලෙවි කරන්නන් සොයා රට පුරා වැටලීම්

පෙබ 23, 2020

    ලොකු ලූණු වැඩි මිලට අලෙවි කරන්නන් සොයා රට පුරා වැටලීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    රජය ඊයේ ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 190ක උපරිම සිල්ලර මිලක් නියම කළේය. එළඹෙන උත්සව සමයේ ලොකු ලූණු මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමේ උත්සාහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා පළ විය. ඒ සමඟ රජය ලොකු ලූණු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ මහනුවර දී ලොකු ලූණු මිල සම්බන්ධයෙන් අදහස් පළ කළේය. මේ අතර උපරිම සිල්ලර මිලක්නියම කිරීමත් සමඟ රුපියල් 290ත්, 350ත් අතර, පැවති ලොකු ලූණු කිලෝවක මිල අද රුපියල් 140ත් 170ත් දක්වා පහත වැටී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවා ව්‍යාජ ලෙස හිඟයක් මවා ලොකු ළූණු මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බව අප වාර්තාකරු පවසයි.

    Latest News