ගල්ඔය ගම්මානයට කඩා වැඳුණු වන අලියෙකු නිවාසවලට පහර දෙයි

පෙබ 23, 2020

    කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි ගල්ඔය ගම්මානයට ඊයේ රාත්‍රී වන අලියෙකු කඩා වැඳී තිබේ.

    අලියාගේ පහරදීමෙන් නිවාස 05කට හානි සිදුව ඇත. අළුයම ගම්මානයට කඩා වැඳුණු වන අලියා පසුදා හිරු උදාවන තෙක් ගම්මානයේ රැඳී සිට තිබේ. මේ නිසා ගම්මානයේ ජනතාවට සිදුවුණේ නිවෙස් තුළට වී මර බියෙන් රැය පහන් කිරීමටයි. ගම අතහැරයාමට අකමැති වූ සද්ධන්තයා උදෑසන ආහාරයත් ගමෙන් සපයා ගන්නටයි සූදානම්ව සිටියේ.

    Galoya px 900 23 02 20

    උදේ නිවෙස්වල ජනෙල් විවෘත කරන තෙක්ම රැඳී සිටි වන අලියා ජනෙල්වලින් හොඬවැල දමමින් ආහාර සොයන්නට වූ අතර, මර බියෙන් වුවත් ගම්වැසියන් මෙම අපූරු දසුන් රූපගත කරන්නට නම් අමතක කර තිබුණේ නැතැයි අප වාර්තාකරු පවසයි. ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වන අලියා අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙසයි.

    Latest News