රටේ ආර්ථිකය ගොඩනැගීමට ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශයි; පා.ම. රවී කරුණානායක

පෙබ 22, 2020

    රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ රවී කරුණානායක මහතා...

    “මේ අවස්ථාවේදී අප අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. ඉතාමත් අවුල් ජාලයක් ඇතිවෙලා තියෙන්නේ. අද ඉතාමත් අසීරු ගමනක්. ශක්තිමත් ජාතික වැඩපිළිවෙළකට අපි සියලු දෙනාම පිවිසෙන්න ඕනේ. මේවට අන්තිමට ප්‍රශ්න ඇතිවන්නේ සාර්ථක සවිශක්තිමත් ආර්ථිකයක් ඇතිවුණේ නැත්නම් ප්‍රශ්න ඇතිවෙනවා. එකමුතු භාවයේ ඵළඳුභාවය ඇතිවන්නේ ආර්ථිකයේ ප්‍රශ්න ඇතිවුණොත්“ යැයි රවී කරුණානායක මහතා පැවසීය.

    Latest News