වතුකරයේ පාසල් සංවර්ධනයට ඉන්දීය රජයේ සහය

පෙබ 22, 2020

    වතුකරයේ පාසල් 9 ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය රුපියල් කෝටි 30 ක මුදලක් ප්‍රදානය කර තිබේ.

    ඒ අනුව මධ්‍යම පළාතේ වතු පාසල් 6 ක් ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල පාසල් එක බැගින් ද වන සේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.

    වතුකරයේ පාසල්හී යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ.ජේකබ් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද යන මහත්වරු කොළඹ දී ඉකුත් දා අත්සන් තැබූහ.

    Latest News