අගමැතිතුමා ශ්‍රී දළදා සමිඳුන් වැඳ-පුදා ගනී

පෙබ 22, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳ-පුදා ගත්තා. 

    අනතුරුව, මල්වතු විහාරයට පැමිණි අග්‍රාමාත්‍යතුමා, එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා. අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ද බැහැදැක පිළිසඳරක නිරත වුණා. අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යතුමා, එම පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

    Latest News