මුතුරාජවෙල ගින්න පාලනයත් සමඟ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය විවෘතයි

පෙබ 20, 2020

    මුතුරාජවෙල රක්‍ෂිත ප්‍රදේශය ආශ්‍රිත සීදූව, අම්බලන්මුල්ල කසල එක්රැස් කිරීමේ අංගනයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.

    ගින්නත් සමඟ දැඩි දුමාරයක් පැතිරයාම හේතුවෙන් අද පස්වරුවේ වසා දැමුණු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය වාහන ගමනා ගමනය සඳහා මේ වනවිට විවෘත කර තිබේ. කොළඹ මහනගර සභාව, ගම්පහ ගිනි නිවීම් ඒකකය සහ ශ්‍රී ලංකා යුද හා ගුවන් හමුදාවේ ද සහය ඇතිව ගින්න පාලනයට ක්‍රියා කර ඇත. ඊයේ සවස හටගත් ගින්න අද දහවල් වනවිට ගුවන් තොටුපල අධිවේගී මාර්ගය ආසන්නය දක්වා පැතිර ගොස් තිබිණ. පවතින වියළි කාලගුණය හා සුළං හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

    කටුනායක-සීදූව නගර සභාව අදාළ ස්ථානයේ කසල අංගනය පවත්වාගෙන යනු ලබන්නේ වසර කිහිපයක සිටයි. එය නිරන්තරයෙන් ගිනිගැනීම්වලට ලක්වන අතර, මැසි-මදුරුවන් හා සුනඛයන් හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලුව ද මතුව ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් අවස්ථා 22ක් ගුවනේ සිට ගින්න පාලනයට ජලය හෙලීම සිදු කළේය.

    Latest News