නව සන්ධානයේ ලකුණ ගැන සාකච්ජාව ඉදිරි සතියේ

පෙබ 20, 2020

    නව සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ඉදිරි සතියේ නැවත සාකච්ජා කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සූදානම්වේ.

    දේශපාලන පක්‍ෂවල ලකුණ වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමෙන් පසුව බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණ. එම සාකච්ජාව පැවැත්වෙන්නේ, ලකුණ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන නීතිමය තත්වය පිළිබඳව දැනගැනීම සඳහායි. සමගි ජනබල වේගයේ සන්ධානය පිළිබඳව එකඟතාවකට පැමිණ තිබුණ ද එහි ලකුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ එකඟතාවක් ඇති වී නොමැත. හංසයා ලකුණ නොලැබුණහොත්, වෙනත් ලකුණකින් හෝ මහ මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බද්දුම බණ්ඩාර මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණේ, පක්‍ෂ නායකයින්ගේ සාකච්ජාවක්, ලබන 22 කැඳවා තිබේ. එක්සත් ජාතික පෙරමුණේ, ඇතැම් සුළු පක්‍ෂ වෙන්ව තරග කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සලකා බැලීම සඳහා මෙම සාකච්ජාව පැවැත්වේ.

    Latest News