අපේ රටේ විධායකය, අධිකරණය ශක්තිමත් ; පා.ම. ඩිලාන් පෙරේරා

පෙබ 20, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද පැවැත්වූ මාධ්‍ය හමු දෙකකදී ඉදිරි මහ මැතිවරණය ගැන අදහස් පළ කෙරිණ.


    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...

    “අපේ රටේ විධායකය ශක්තිමත්, අධිකරණය ශක්තිමත්, නමුත් විධායකට දුන්නු ජන වරමට ගැලපෙන විධියට නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ජනමතට විකෘති පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ව්‍යවස්ථාදායක ශක්තිමත් කරගත යුතුයි. මෙය ශක්තිමත් වුණොත් තමයි මේ රටේ ජනතාව ජනාධිපතිතුමාට දුන්නු ජනවරම තුළ තිබෙන පොරොන්දු සාර්ථකව කරගන්න පුලුවන් වෙන්නේ“ යැයි ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

    රෝහණ දිසානායක මහතා...

    “නායකයෙක් නැති වුණාම ඕනෑම පක්‍ෂයක් විනාශ වෙනවා. නායකයෝ වැඩි වුණහමත් ඒ දේශපාලන පක්‍ෂය විනාශ වෙනවා. එක්සත් ජාතික පක්‍ෂයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙමින් පවතිනවා. පසුගිය කාලයේ ඔවුන් උත්සාහ කළා මහින්ද රාජපක්‍ෂ මහත්තයත්, අපේ සන්ධානයත් විනාශ කරන්න. ඒ දෙය අද සිද්ධ වෙලා තියෙනවා එක්සත් ජාතික පක්‍ෂයට“ යැයි රෝහණ දිසානායක මහතා පැවසීය.

    ශාන්ත බණ්ඩාර මහතා...

    “ජනතාවට දුන්න පොරොන්දු එක අකුරක් නෑර ජනාධිපතිතුමා පැහැදිලිව ඉටු කරනවා. ඒකට ව්‍යවස්ථාදායකයේ තියෙන බාධාවන් ඉවත් කරගන්න ඕනේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා, මහ මැතිවරණයක් පවත්වලා, අති බහුතර කැමැත්තකින් අපි වැඩි ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා, නව අය-වැයක් ගෙනල්ලා ජනතාවට දුන්න පොරොන්දු සහ රටේ විය යුතු කාරණා ටික ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කටයුතු කරනවා“ යැයි ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    Latest News