පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන විධිමත්ව සිදු කළා; අජිත් රෝහණ (වීඩියෝ)

පෙබ 19, 2020
  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන විධිමත්ව සිදුකර ඇතැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිස් මූලස්ථානයේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ අජිත් රෝහණ මහතා...

    “මේ විමර්ශනයට අදාළව 600කට ආසන්න ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා. මේ දක්වා විමර්ශනය සිදු කළේ ප්‍රධාන විමර්ශන කණ්ඩායම් 12ක් යටතේ. මේ ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට සැකකරුවන් 216ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අය අතර කාන්තාවන් 7ක් ඉන්නවා. 153 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් බාරයේ සහ එම නීතිය යටතේම අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටිනවා. කූර ලෙස මෙයට දායකත්වය දක්වපු අය සම්බන්ධ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අය ගැන විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා. ප්‍රධානතම විමර්ශන ආයතන ලෙස අපි හොඳින් සිදුකරලා තියෙනවා“ යැයි අජිත් රෝහණ මහතා පැවසීය.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 20:18

    Latest News